සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8. නිරෝධවග්ගෝ

8. නිරෝධ වර්ගය

2.8.1. -6. අසුභ සූත්‍රයෝ

අසුභය ගැන වදාළ දෙසුම්

මහණෙනි, අසුභ සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.7. -12. මරණ සූත්‍රයෝ

මරණසතිය ගැන වදාළ දෙසුම්

මහණෙනි, මරණ සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.13. -18. ආහාරේ පටික්කූල සූත්‍රයෝ

ආහාරයෙහි පිළිකුල් බව ගැන වදාළ දෙසුම්

මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.19. -24. සබ්බලෝකේ අනභිරත සූත්‍රයෝ

සියළු ලොවෙහි නොඇල්ම ගැන වදාළ දෙසුම්

මහණෙනි, සියළු ලොවෙහි නොඇලෙන සංඥාව ….(පෙ)…. පවතින්නේය.

2.8.25. -30. අනිච්ච සූත්‍රයෝ

අනිත්‍යය ගැන වදාළ දෙසුම්

මහණෙනි, අනිත්‍ය සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.31. -36. අනිච්චේ දුක්ඛ සූත්‍රයෝ

අනිත්‍යයෙහි දුක ගැන වදාළ දෙසුම්

මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.37. -42. දුක්ඛේ අනත්ත සූත්‍රයෝ

දුකෙහි අනාත්මය ගැන වදාළ දෙසුම්

මහණෙනි, දුකෙහි අනාත්ම සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.43. -48. පහාන සූත්‍රයෝ

ප්‍රහානය ගැන වදාළ දෙසුම්

මහණෙනි, ප්‍රහාන සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.49. -54. විරාග සූත්‍රයෝ

නොඇල්ම ගැන වදාළ දෙසුම්

මහණෙනි, විරාග සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.8.55. නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත්ඵල මහානිශංස ඇත්තේ ය. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව ද මහත්ඵල, මහානිශංස ලැබ දෙන්නේ? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව මහත්ඵල, මහානිශංස ලැබ දෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

නිරෝධ සූත්‍රය නිමා විය.

2.8.56. දුතිය නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. මෙලොවදී ම අරහත්වය හෝ උපාදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි. මහණෙනි, නිරෝධ සංඥාව කෙසේ දියුණු කිරීමෙන් ද, කෙසේ බහුල ව පුරුදු කිරීමෙන් ද, ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ? එනම් මෙලොවදී ම අරහත්වය හෝ උපාදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි.

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, නිරෝධ සංඥාව මෙසේ දියුණු කිරීමෙන්, මෙසේ බහුල ව පුරුදු කිරීමෙන් ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මෙලොවදී ම අරහත්වය හෝ උපදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නිරෝධ සූත්‍රය නිමා විය.

2.8.57. තතිය නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ තුන්වෙනි දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් යහපත පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව ද මහත් යහපත පිණිස පවතින්නේ? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව මහත් යහපත පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය නිරෝධ සූත්‍රය නිමා විය.

2.8.58. චතුත්ථ නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව ද මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ නිරෝධ සූත්‍රය නිමා විය.

2.8.59. පඤ්චම නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ පස්වෙනි දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ සංවේගය පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව ද මහත් වූ සංවේගය පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව මහත් වූ සංවේගය පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්චම නිරෝධ සූත්‍රය නිමා විය.

2.8.60. ඡට්ඨ නිරෝධ සූත්‍රය

නිරෝධය ගැන වදාළ සයවෙනි දෙසුම

මහණෙනි, නිරෝධ සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව ද මහත් වූ පහසු විහරණය පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව නිරෝධ සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද නිරෝධ සංඥාව මහත් වූ පහසු විහරණය පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඡට්ඨ නිරෝධ සූත්‍රය නිමා විය.

අටවෙනි නිරෝධ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ වශයෙන් සය බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සැටකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M