සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7. ආනාපානවග්ගෝ

7. ආනාපාන වර්ගය

2.7.1. අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත්ඵල මහානිශංස ඇත්තේ ය. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව ද මහත්ඵල, මහානිශංස ලැබ දෙන්නේ? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව මහත්ඵල, මහානිශංස ලැබ දෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.2. දුතිය අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. මෙලොවදී ම අරහත්වය හෝ උපාදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි. මහණෙනි, අට්ඨික සංඥාව කෙසේ දියුණු කිරීමෙන් ද, කෙසේ බහුල ව පුරුදු කරන කිරීමෙන් ද ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ? එනම් මෙලොවදී ම අරහත්වය හෝ උපදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි.

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, අට්ඨික සංඥාව මෙසේ දියුණු කිරීමෙන්, මෙසේ බහුල ව පුරුදු කිරීමෙන් ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. එනම් මෙලොවදී ම අරහත්වය හෝ උපදාන ඉතිරි ව තිබේ නම් අනාගාමී බව යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.3. තතිය අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ තුන්වෙනි දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් යහපත පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව ද මහත් යහපත පිණිස පවතින්නේ? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව මහත් යහපත පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

තතිය අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.4. චතුත්ථ අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ සිව්වෙනි දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව ද මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව මහත් වූ කෙලෙස් යෝගයෙන් නිදහස් වීම පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.5. පඤ්චම අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ පස්වෙනි දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ සංවේගය පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව ද මහත් වූ සංවේගය පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව මහත් වූ සංවේගය පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඤ්චම අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.6. ඡට්ඨ අට්ඨික සූත්‍රය

අට්ඨික සංඥාව ගැන වදාළ සයවෙනි දෙසුම

මහණෙනි, අට්ඨික සංඥාව දියුණු කරගත් විට, බහුල ව පුරුදු කරගත් විට මහත් වූ පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ දියුණු කරන ලද, කෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව ද මහත් වූ පහසු විහරණය පිණිස පවතින්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව අට්ඨික සංඥාවෙන් යුතු ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ දියුණු කරන ලද, මෙසේ බහුල ව පුරුදු කරන ලද අට්ඨික සංඥාව මහත් වූ පහසු විහරණය පිණිස පවතින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඡට්ඨ අට්ඨික සූත්‍රය නිමා විය.

2.7.7. -12. පුළවක සූත්‍රයෝ

පුළවක සංඥාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, පුළවක සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.13. -18. විනීලක සූත්‍රයෝ

විනීලක සංඥාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, විනීලක සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.19. -24. විච්ඡිද්දක සූත්‍රයෝ

විච්ඡිද්දක සංඥාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, විච්ඡිද්දක සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.25. -30. උද්ධුමාතක සූත්‍රයෝ

උද්ධුමාතක සංඥාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, උද්ධුමාතක සංඥාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.31. -36. මෙත්තා සූත්‍රයෝ

මෛත්‍රීය ගැන වදාළ දෙසුම්

මහණෙනි, මෛත්‍රිය ….(පෙ)…. පවතින්නේ ය.

2.7.37. -42. කරුණා සූත්‍රයෝ

කරුණාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, කරුණාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.43. -48. මුදිතා සූත්‍රයෝ

මුදිතාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, මුදිතාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.49. -54. උපෙක්ඛා සූත්‍රයෝ

උපේක්ෂාව ගැන වදාළ දෙසුම්

මහණෙනි, උපේක්ෂාව ….(පෙ)…. පවතින්නේ ය.

2.7.55. -60. ආනාපානසති සූත්‍රයෝ

ආනාපානසතිය ගැන වදාළ දෙසුම්

මහණෙනි, ආනාපානසතිය ….(පෙ)…. පවතින්නේ ය.

හත්වෙනි ආනාපාන වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අට්ඨික, පුළවක, විනීලක, විච්ඡිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා, ආනාපාන වශයෙන් සය බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සැටකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M