සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.5.9. අංග සුත්තං

2.5.9. අංගය ගැන වදාළ දෙසුම

මහණෙනි, සප්ත බොජ්ඣංගයන්ගේ ඉපදීම පිණිස අභ්‍යන්තරයේ ඇති අංගයක් වශයෙන් ගෙන මහණෙනි, යම් මේ නුවණින් යුක්ත ව මෙනෙහි කිරීමක් ඇද්ද, මෙබඳු වූ අන් එක් අභ්‍යන්තර අංගයක් වත් මම නොදකිමි. මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කරන භික්ෂුව විසින් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ය යන්න කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් යුතු භික්ෂුව සප්ත බොජ්ඣංග වඩයි ද? සප්ත බොජ්ඣංග බහුල කරයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ නුවණින් යුක්ත ව මෙනෙහි කරන භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩයි. සප්ත සම්බොජ්ඣංගයන් බහුල කරයි.

සාදු! සාදු!! සාදු!!!

අංග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M