☰
මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට සප්ත බොජ්ඣංගයන් හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් කල්යාණමිත්රයන් ඇති බව යි.
මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ය යන්න කැමති විය යුත්තේ ය. මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ කෙසේ ද? සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව මෙසේ සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ ය. සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්රගුණ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ආදිච්ච සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M