සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.5.7. අදළිද්ද සුත්තං

2.5.7. දිළිඳු නැති බව ගැන වදාළ දෙසුම

“ස්වාමීනී, ‘නොදිළින්දෙකි, නොදිළින්දෙකි’ යි කියනු ලැබේ. ස්වාමීනී, නොදිළින්දෙකි යැයි කියනු ලබන්නේ කවර කරුණු මත ද?”

“භික්ෂුව, සප්ත බොජ්ඣංගයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින් නොදිළින්දෙක් යැයි කියනු ලැබේ. ඒ කවර සතක් ද යත්, සති සම්බොජ්ඣංගය ය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. භික්ෂුව, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින් නොදිළින්දෙක් යැයි කියනු ලැබේ.”

සාදු! සාදු!! සාදු!!!

අදළිද්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M