සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.5.10. දුතිය අංග සුත්තං

2.5.10. අංගය ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, සප්ත බොජ්ඣංගයන්ගේ ඉපදීම පිණිස බාහිර ව ඇති අංගයක් වශයෙන් ගෙන මහණෙනි, යම් මේ කලණ මිතුරන් ඇති බවක් ඇද්ද, මෙබඳු වූ අන් එක් බාහිර අංගයක් වත් මම නොදකිමි. මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව විසින් සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ය යන්න කැමති විය යුතුයි. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩයි ද? සප්ත බොජ්ඣංගයන් බහුල කරයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩයි. සප්ත බොජ්ඣංගයන් බහුල කරයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අංග සූත්‍රය නිමා විය.

පස්වෙනි චක්කවත්ති වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

විධා සූත්‍රය, චක්කවත්ති සූත්‍රය, මාර සූත්‍රය, දුප්පඤ්ඤ සූත්‍රය, පඤ්ඤව සූත්‍රය, දළිද්ද සූත්‍රය, අදළිද්ද සූත්‍රය, ආදිච්ච සූත්‍රය සහ අංග සූත්‍ර දෙක වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M