සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.5.2. චක්කවත්ති සුත්තං

2.5.2. සක්විති රජු ගැන වදාළ දෙසුම

මහණෙනි, චක්‍රවර්තී රජෙකුගේ පහළ වීමෙන් සප්ත රත්නයන්ගේ පහළ වීම වෙයි. ඒ කවර සප්ත රත්නයක් ද යත්; චක්‍රරත්නයෙහි පහළ වීම වෙයි. හස්ති රත්නයෙහි පහළ වීම වෙයි. අශ්ව රත්නයෙහි පහළ වීම වෙයි. මාණික්‍ය රත්නයෙහි පහළ වීම වෙයි. ස්ත්‍රී රත්නයෙහි පහළ වීම වෙයි. ගෘහපති රත්නයෙහි පහළ වීම වෙයි. පුත්‍ර රත්නයෙහි පහළ වීම වෙයි. මහණෙනි, චක්‍රවර්තී රජෙකුගේ පහළ වීමෙන් මේ සප්ත රත්නයන්ගේ පහළ වීම වෙයි.

මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් සප්ත බොජ්ඣංග රත්නයන්ගේ පහළ වීම වෙයි. ඒ කවර සප්ත රත්නයක් ද යත්; සති සම්බොජ්ඣංග රත්නයෙහි පහළ වීම වෙයි. ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංග රත්නයෙහි පහළ වීම වෙයි. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් මේ සප්ත රත්නයන්ගේ පහළ වීම වෙයි.

සාදු! සාදු!! සාදු!!!

චක්කවත්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M