☰
මහණෙනි, අතීතයෙහි සිටි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ, ත්‍රිවිධ මාන්නය දුරු කළාහු නම්, ඒ සියල්ලෝ සප්ත බොජ්ඣංගයන් වැඩූ බැවින්, බහුල කළ බැවින් ය.
මහණෙනි, අනාගතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ත්‍රිවිධ මාන්නය දුරු කරන්නාහු නම්, ඒ සියල්ලෝ සප්ත බොජ්ඣංගයන් වැඩූ බැවින්, බහුල කළ බැවින් ය.
මහණෙනි, මෙකල යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ත්‍රිවිධ මාන්නය දුරු කරත් නම්, ඒ සියල්ලෝ සප්ත බොජ්ඣංගයන් වැඩූ බැවින්, බහුල කළ බැවින් ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.
මහණෙනි, අතීතයෙහි සිටි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ත්‍රිවිධ මාන්නය දුරු කළාහු නම් ….(පෙ)…. දුරු කරන්නාහු නම් ….(පෙ)…. දුරු කරත් නම්, ඒ සියල්ලෝ මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කළ බැවින්, බහුල කළ බැවින් ත්‍රිවිධ මාන්නය දුරු කරති.
සාදු! සාදු!! සාදු!!!
විධා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M