මහණෙනි, මේ පස් වැදෑරුම් නීවරණයෝ අන්ධ බවට පත් කරති. නුවණැස ඇති නොකරති. අඥාන බවට පත් කරති. ප්‍රඥාව නිරුද්ධ කරති. දුක් උපදවන පක්ෂයෙහි සිටිති. නිවන පිණිස නොපවතින්නාහු ය. ඒ කවර පසක් ද යත්; මහණෙනි, කාමච්ඡන්ද නීවරණය අන්ධ බවට පත් කරයි. නුවණැස ඇති නොකරයි. අඥාන බවට පත් කරයි. ප්‍රඥාව නිරුද්ධ කරයි. දුක් උපදවන පක්ෂයෙහි සිටියි. නිවන පිණිස නොපවතින්නේ ය. මහණෙනි, ව්‍යාපාද නීවරණය ….(පෙ)…. මහණෙනි, ථීනමිද්ධ නීවරණය ….(පෙ)…. මහණෙනි, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ….(පෙ)…. මහණෙනි, විචිකිච්ඡා නීවරණය අන්ධ බවට පත් කරයි. නුවණැස ඇති නොකරයි. අඥාන බවට පත් කරයි. ප්‍රඥාව නිරුද්ධ කරයි. දුක් උපදවන පක්ෂයෙහි සිටියි. නිවන පිණිස නොපවතින්නේ ය. මහණෙනි, මේ පස් වැදෑරුම් නීවරණයෝ අන්ධ බවට පත් කරති. නුවණැස ඇති නොකරති. අඥාන බවට පත් කරති. ප්‍රඥාව නිරුද්ධ කරති. දුක් උපදවන පක්ෂයෙහි සිටිති. නිවන පිණිස නොපවතින්නාහු ය.
මහණෙනි, මේ සත් වැදෑරුම් බොජ්ඣංගයෝ නුවණැස ඇති කරති. ඥානය ඇති කරති. ප්‍රඥාව වැඩි දියුණු කරති. දුක් නූපදවන පක්ෂයෙහි සිටිති. නිවන පිණිස පවතින්නාහු ය. ඒ කවර සතක් ද යත්; මහණෙනි, සති සම්බොජ්ඣංගය නුවණැස ඇති කරයි. ඥානය ඇති කරයි. ප්‍රඥාව වැඩි දියුණු කරයි. දුක් නූපදවන පක්ෂයෙහි සිටියි. නිවන පිණිස පවතින්නේ ය. ….(පෙ)…. මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගය නුවණැස ඇති කරයි. ඥානය ඇති කරයි. ප්‍රඥාව වැඩි දියුණු කරයි. දුක් නූපදවන පක්ෂයෙහි සිටියි. නිවන පිණිස පවතින්නේ ය. මහණෙනි, මේ සත් වැදෑරුම් බොජ්ඣංගයෝ නුවණැස ඇති කරති. ඥානය ඇති කරති. ප්‍රඥාව වැඩි දියුණු කරති. දුක් නූපදවන පක්ෂයෙහි සිටිති. නිවන පිණිස පවතින්නාහු ය.
සාදු! සාදු!! සාදු!!!
නීවරණ සූත්‍රය නිමා විය.
සිව්වෙනි නීවරණ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
කුසල සූත්‍ර දෙක, කිලේස සූත්‍රය, අනාවරණ සූත්‍රය, යෝනිසෝ සූත්‍රය, බුද්ධි සූත්‍රය, ආවරණ සූත්‍රය, අනීවරණ සූත්‍රය, මහා රුක්ඛ සූත්‍රය සහ නීවරණ සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M