සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.7. ආවරණ සුත්තං

2.4.7. අවුරන බව ගැන වදාළ දෙසුම

මහණෙනි, කුසල් සිත අවුරන, වසන, සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන මේ පස් දෙනෙකි. ඒ කවර පස් දෙනෙක් ද යත්, මහණෙනි, කාමච්ඡන්දය කුසල් සිත අවුරයි. වසයි. සිත කෙලෙසයි. නුවණ දුර්වල කරයි. මහණෙනි, ව්‍යාපාදය කුසල් සිත අවුරයි. වසයි. සිත කෙලෙසයි. නුවණ දුර්වල කරයි. මහණෙනි, ථීනමිද්ධය කුසල් සිත අවුරයි. වසයි. සිත කෙලෙසයි. නුවණ දුර්වල කරයි. මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය කුසල් සිත අවුරයි. වසයි. සිත කෙලෙසයි. නුවණ දුර්වල කරයි. මහණෙනි, විචිකිච්ඡාව කුසල් සිත අවුරයි. වසයි. සිත කෙලෙසයි. නුවණ දුර්වල කරයි. මහණෙනි, මේ වනාහී කුසල් සිත අවුරන, වසන, සිත කෙලෙසන, ප්‍රඥාව දුර්වල කරන පස් දෙනා ය.

සාදු! සාදු!! සාදු!!!

ආවරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M