සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.5. යෝනිසෝ සුත්තං

2.4.5. නුවණින් යුක්ත වීම ගැන වදාළ දෙසුම

මහණෙනි, නුවණින් තොර ව මෙනෙහි කරන්නාට නූපන් කාමච්ඡන්දය ත් උපදියි. උපන් කාමච්ඡන්දය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් ව්‍යාපාදය ත් උපදියි. උපන් ව්‍යාපාදය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් ථීනමිද්ධය ත් උපදියි. උපන් ථීනමිද්ධය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් උද්ධච්ච කුක්කුච්චය ත් උපදියි. උපන් උද්ධච්ච කුක්කුච්චය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් විචිකිච්ඡාව ත් උපදියි. උපන් විචිකිච්ඡාව ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.

මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කරන්නාට නූපන් සතිසම්බොජ්ඣංගය ත් උපදියි. උපන් සති සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ….(පෙ)…. නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් උපදියි. උපන් උපේක්ෂා සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි.

සාදු! සාදු!! සාදු!!!

යෝනිසෝ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M