සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.4.4. අනාවරණ සුත්තං

2.4.4. නොඅවුරන බව ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයෝ නිවන් මග නොඅවුරති. නොවසති. සිත නොකෙලෙසති. භාවිත කරන ලදු ව බහුල ව කරන ලදු ව විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස පවතින්නාහු ය. ඒ කවර සතක් ද යත්; මහණෙනි, සති සම්බොජ්ඣංගය නිවන් මග නොඅවුරයි, නොවසයි, සිත නොකෙලෙසයි, වඩන ලද්දේ බහුල කරන ලද්දේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ ය. ….(පෙ)…. මහණෙනි, උපේක්ෂා සම්බොජ්ඣංගය නිවන් මග නොඅවුරයි, නොවසයි, සිත නොකෙලෙසයි, වඩන ලද්දේ බහුල කරන ලද්දේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස පවතින්නේ ය. මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයෝ නිවන් මග නොඅවුරති. නොවසති. සිත නොකෙලෙසති. භාවිත කරන ලදු ව බහුල ව කරන ලදු ව විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස පවතින්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

අනාවරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M