මහණෙනි, කෙලෙස් නැසීම පිණිස හේතු වන මාර්ගය ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කෙලෙස් නැසීම පිණිස හේතුවන මාර්ගය කුමක් ද? මේ සප්ත බොජ්ඣංගයෝ ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ කෙලෙස් නැසීම පිණිස පවතින්නාහු ද?”
“උදායී, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ ව බාධාවකින් තොර ව සති සම්බොජ්ඣංගය වඩයි. ඔහු සති සම්බොජ්ඣංගය වැඩූ සිතින් නොනැසූ විරූ, නොපැලූ විරූ, ලෝභ ස්කන්ධය නසයි. පළයි. නොනැසූ විරූ, නොපැලූ විරූ, ද්වේෂ ස්කන්ධය නසයි. පළයි. නොනැසූ විරූ, නොපැලූ විරූ, මෝහ ස්කන්ධය නසයි. පළයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ ව බාධාවකින් තොර ව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. ඔහු උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩූ සිතින් නොනැසූ විරූ, නොපැලූ විරූ, ලෝභ ස්කන්ධය නසයි. පළයි. නොනැසූ විරූ, නොපැලූ විරූ, ද්වේෂ ස්කන්ධය නසයි. පළයි. නොනැසූ විරූ, නොපැලූ විරූ, මෝහ ස්කන්ධය නසයි. පළයි.
උදායී, මෙසේ භාවිත කරන ලද, මෙසේ බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත්.”
සාදු! සාදු!! සාදු!!!
නිබ්බේධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M