සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.3.7. නිරෝධ සුත්තං

2.3.7. තණ්හාව නිරුද්ධ වීම ගැන වදාළ දෙසුම

මහණෙනි, යම් මාර්ගයක්, යම් ප්‍රතිපදාවක් තණ්හාව නිරුද්ධ වීම පිණිස පවතියි නම්, ඒ මාර්ගය ත්, ඒ ප්‍රතිපදාව ත් භාවිත කරව්. මහණෙනි, තණ්හාව නිරුද්ධ වීම පිණිස පවතින ඒ මාර්ගය කුමක් ද? ඒ ප්‍රතිපදාව කුමක් ද? මේ සප්ත බොජ්ඣංගයෝ ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.

මහණෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ තෘෂ්ණාව නිරුද්ධ වීම පිණිස පවතින්නාහු ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ….(පෙ)…. සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. මහණෙනි, මෙසේ භාවිත කරන ලද, මෙසේ බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ තෘෂ්ණාව නිරුද්ධ වීම පිණිස පවතිත්.

සාදු! සාදු!! සාදු!!!

නිරෝධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M