මහණෙනි, යම් මාර්ගයක්, යම් ප්‍රතිපදාවක් තණ්හාව ක්ෂය වීම පිණිස පවතියි නම්, ඒ මාර්ගය ත්, ඒ ප්‍රතිපදාව ත් භාවිත කරව්. මහණෙනි, තණ්හාව ක්ෂය වීම පිණිස පවතින ඒ මාර්ගය කුමක් ද? ඒ ප්‍රතිපදාව කුමක් ද? මේ සප්ත බොජ්ඣංගයෝ ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය.
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ තෘෂ්ණාව ක්ෂය වීම පිණිස පවතින්නාහු ද?”
“උදායී, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, නිදුක් වූ සති සම්බොජ්ඣංගය වඩයි. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, නිදුක් වූ සති සම්බොජ්ඣංගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, නිදුක් වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව විපුල වූ, මහග්ගත වූ, අප්‍රමාණ වූ, නිදුක් වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි. තෘෂ්ණාව ප්‍රහාණය වීමෙන් කර්මය ප්‍රහීණ වෙයි. කර්මය ප්‍රහාණය වීමෙන් දුක ප්‍රහාණය වෙයි. මෙසේ උදායී, තෘෂ්ණාව ක්ෂය වීමෙන් කර්මය ක්ෂය වෙයි. කර්මය ක්ෂය වීමෙන් දුක්ඛක්ෂය වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
ඛය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M