☰
මහණෙනි, ඔබට නොපිරිහීම පිණිස හේතුවන කරුණු සතක් දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ඒ සප්ත අපරිහානීය ධර්මයෝ මොනවා ද? මේ සප්ත බොජ්ඣංගයෝ ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, මේ වනාහී සප්ත අපරිහානීය ධර්මයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
අපරිහානිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M