මහණෙනි, නුවණින් තොර ව මෙනෙහි කිරීමෙන් නූපන් කාමච්ඡන්දය ත් උපදියි. උපන් කාමච්ඡන්දය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් ව්‍යාපාදය ත් උපදියි. උපන් ව්‍යාපාදය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් ථීනමිද්ධය ත් උපදියි. උපන් ථීනමිද්ධය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චය ත් උපදියි. උපන් උද්ධච්චකුක්කුච්චය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් විචිකිච්ඡාව ත් උපදියි. උපන් විචිකිච්ඡාව ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි. නූපන් සති සම්බොජ්ඣංගය ත් නූපදියි. උපන් සති සම්බොජ්ඣංගය ත් නිරුද්ධ වෙයි. ….(පෙ)…. නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් නූපදියි. උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් නිරුද්ධ වෙයි.
මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කිරීමෙන් නූපන් කාමච්ඡන්දය ත් නූපදියි. උපන් කාමච්ඡන්දය ත් ප්‍රහීණ වෙයි. නූපන් ව්‍යාපාදය ත් නූපදියි. උපන් ව්‍යාපාදය ත් ප්‍රහීණ වෙයි. නූපන් ථීනමිද්ධය ත් නූපදියි. උපන් ථීනමිද්ධය ත් ප්‍රහීණ වෙයි. නූපන් උද්ධච්ච කුක්කුච්චය ත් නූපදියි. උපන් උද්ධච්ච කුක්කුච්චය ත් ප්‍රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාව ත් නූපදියි. උපන් විචිකිච්ඡාව ත් ප්‍රහීණ වෙයි. නූපන් සති සම්බොජ්ඣංගය ත් උපදියි. උපන් සති සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි ….(පෙ)…. නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් උපදියි. උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි.
සාදු! සාදු!! සාදු!!!
ඨාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M