මහණෙනි, කාමරාගයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන්, නූපන් කාමච්ඡන්දය ත් උපදියි. උපන් කාමච්ඡන්දය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.
මහණෙනි, ව්‍යාපාදයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන්, නූපන් ව්‍යාපාදය ත් උපදියි. උපන් ව්‍යාපාදය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.
මහණෙනි, ථීනමිද්ධයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන්, නූපන් ථීනමිද්ධය ත් උපදියි. උපන් ථීනමිද්ධය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.
මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන්, නූපන් උද්ධච්චකුක්කුච්චය ත් උපදියි. උපන් උද්ධච්චකුක්කුච්චය ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.
මහණෙනි, විචිකිච්ඡාවට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන්, නූපන් විචිකිච්ඡාව ත් උපදියි. උපන් විචිකිච්ඡාව ත් බොහෝ සෙයින් විපුල බවට පත්වෙයි.
මහණෙනි, සති සම්බොජ්ඣංගයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන් නූපන් සති සම්බොජ්ඣංගය ත් උපදියි. උපන් සති සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ….(පෙ)…. මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣංගයට හිත වූ ධර්මයන් බහුල ව මෙනෙහි කිරීමෙන් නූපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් උපදියි. උපන් උපෙක්ඛා සම්බොජ්ඣංගය ත් වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි.
සාදු! සාදු!! සාදු!!!
ඨාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M