සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.10. දුතිය උප්පාද සුත්තං

2.1.10. බොජ්ඣංග ධර්මයන්ගේ උපත ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ වඩන ලද, බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ සුගත විනය නම් වූ බුදු සසුනෙන් තොර ව අන් කලෙක නූපදින්නාහු ය. කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, මේ වඩන ලද, බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ සුගත විනය නම් වූ බුදු සසුනෙන් තොර ව අන් කලෙක නූපදින්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය උප්පාද සූත්‍රය නිමා විය.

පළමු වෙනි පබ්බත වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

හිමවන්ත සූත්‍රය, කාය සූත්‍රය, සීල සූත්‍රය, වත්ථ සූත්‍රය, භික්ඛු සූත්‍රය, කුණ්ඩලිය සූත්‍රය, කූටාගාර සූත්‍රය, උපවාන සූත්‍රය සහ උප්පාද සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M