සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.9. උප්පාද සුත්තං

2.1.9. බොජ්ඣංග ධර්මයන්ගේ උපත ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ වඩන ලද, බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් තොර ව අන් කලෙක නූපදින්නාහු ය. කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය, ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, මේ වඩන ලද, බහුල කරන ලද සප්ත බොජ්ඣංගයෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් තොර ව අන් කලෙක නූපදින්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!

උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M