☰
මහණෙනි, යම් සේ යම්කිසි සත්වයෝ වෙලාවකට ගමනින් ද, වෙලාවකට සිටීමෙන් ද, වෙලාවකට වාඩිවීමෙන් ද, වෙලාවකට සැතපීමෙන් ද, සතර ඉරියව් පවත්වත් ද, ඒ සියළු සත්වයෝ පොළොව ඇසුරු කොට, පොළොවෙහි පිහිටා එසේ ඒ සතර ඉරියව් පවත්වති.
එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් සීලය නිසා, සීලයෙහි පිහිටා සප්ත බොජ්ඣංගයන් වඩයි. සප්ත බොජ්ඣංගයන් බහුල කරයි. මහණෙනි, භික්ෂුව සීලය නිසා, සීලයෙහි පිහිටා සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ කෙසේ ද? සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
මහණෙනි, භික්ෂුව මෙසේ සීලය නිසා, සීලයෙහි පිහිටා සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ ය. සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පාණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M