12.9.1. නැටුම් ගැයුම් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නැටුම් ගැයුම් වාදන විසූක දර්ශන ආදියෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ නැටුම් ගැයුම් වාදන විසූක දර්ශන ආදියෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.2. උසස් ආසන ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ උසස් ආසන සහ මහා ආසනවලින් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ උසස් ආසන හා මහා ආසන වලින් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.3. රන් රිදී මිල ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ රන් රිදී මිල පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ රන් රිදී මිල පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.4. අමු ධාන්‍ය ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ අමු ධාන්‍ය පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.5. අමු මස් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ අමු මස් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ අමු මස් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.6. කුමරියන් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.7. දැසි දස්සන් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ දැසි දස්සන් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.8. එළු බැටළුවන් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ එළු බැටළුවන් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ එළු බැටළුවන් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.9. කුකුළන් ඌරන් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ කුකුළන් ඌරන් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ කුකුළන් ඌරන් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.9.10. වෙළඹුන් ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
නවවෙනි තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගයඅවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජේළක, කුක්කුටසූකර, වළවා වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M