12.8.1. සතුන් මැරීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ සතුන් මැරීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ සතුන් මැරීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.2. සොරකම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ සොරකමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ සොරකමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.3. වැරදි කාම සේවනය ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ වැරදි කාම සේවනයෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ වැරදි කාම සේවනයෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.4. බොරුකීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ බොරු කීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ බොරු කීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.5. කේළාම් කීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ කේළාම් කීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ කේළාම් කීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.6. දරුණු වචන කීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දරුණු වචන කීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ දරුණු වචන කීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.7. හිස් වචන කීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ හිස් වචන කීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ හිස් වචන කීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.8. ගස් කොළන් සිඳලීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ගස් කොළන් සිඳලීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ගස් කොළන් සිඳලීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.9. විකාලයෙහි අනුභව කිරීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ විකාලයෙහි අනුභව කිරීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ විකාලයෙහි අනුභව කිරීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.8.10. විලවුන් වර්ග ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මල් සුවඳ විලවුන් දැරීම්, ඇඟපත සැරසීමෙන්, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීම් ආදියෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ මල් සුවඳ විලවුන් දැරීම්, ඇඟපත සැරසීමෙන්, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීම් ආදියෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
අටවෙනි දුතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගයඅවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාණාතිපාත සූත්‍රය, අදින්නාදාන සූත්‍රය, කාමේසුමිච්ඡාචාර සූත්‍රය, මුසාවාද සූත්‍රය, පිසුණවාචා සූත්‍රය, ඵරුසවාචා සූත්‍රය, සම්ඵප්පලාප සූත්‍රය, බීජගාම සූත්‍රය, විකාලභෝජන සූත්‍රය සහ විලේපන සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M