12.10.1. කෙත් වතු ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ කෙත්වතු පිළිගැනීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ කෙත්වතු පිළි ගැනීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.10.2. මිලදී ගැනීම – විකිණීම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිලදී ගැනීමෙන්, විකිණීමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ මිලදී ගැනීමෙන්, විකිණීමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.10.3. පණිවිඩ පණත් ගෙන යෑම ගැන වදාළ දෙසුම
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යෑමෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යෑමෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.10.4.-6. කූට ලෙස බර කිරීම ආදිය ගැන වදාළ දෙසුම්
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තරාදියෙන් වංචා කිරීම, බඳුනෙන් වංචා කිරීම, මිම්මෙන් වංචා කිරීම ආදියෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ තරාදියෙන් වංචා කිරීම, බඳුනෙන් වංචා කිරීම, මිම්මෙන් වංචා කිරීම ආදියෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.10.7.-9. අල්ලස් ගැනීම් ආදිය ගැන වදාළ දෙසුම්
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ අල්ලස් ගැනීම්, වංචා කිරීම්,රැවටීම්, මුලාකිරීම් ආදී වංචනික ක්‍රියාවෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ අල්ලස් ගැනීම්, වංචා කිරීම්, රැවටීම්, මුලාකිරීම් ආදී වංචනික ක්‍රියාවෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
12.10.10.-15. අත්පා සිඳීම් ආදිය ගැන වදාළ දෙසුම්
එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ අත් පා සිඳීම්, වධ දීම්, සිර කිරීම්, පැහැර ගැනීම්, ගම් පැහැර ගැනීම්, දරුණු ක්‍රියාවලින් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ අත් පා සිඳීම්, වධ දීම්, සිර කිරීම්, පැහැර ගැනීම්, ගම් පැහැර ගැනීම්, දරුණු ක්‍රියාවලින් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් නොදැක්ක නිසා ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.”
දසවෙනි චතුත්ථ ආමකධඤ්ඤ පෙය්‍යාල වර්ගයඅවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්‍ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වංචන, නිකති, ඡේදන, වධ, බන්ධන, විපරාමෝස, ආලෝප සහ සහස යනුවෙන් සූත්‍ර පසළොසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M