සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.11.1. – 12.11.30. පඤ්චගති පෙය්‍යාල වග්ගෝ

12.11.1. – 12.11.30. පඤ්චගති පෙය්‍යාල වර්ගය

12.11.1. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ දෙසුම

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළ මත රඳවා භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? කුමක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළ මත රඳවන ලද යම් මේ පස් බිඳක් වෙයි නම්, එය ද? මේ මහා පොළොව ද?”

“ස්වාමීනී, යම් මේ මහපොළොව වෙයි ද මෙය ම ඉතාමත් බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළ මත රඳවා වදාළ යම් පස් බිඳක් ඇද්ද, මෙය ඉතා ස්වල්පයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළ මත රඳවන ලද පස් බිඳ මහා පොළොව හා සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.”

“එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව යළි මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් නොදැක්ක නිසා ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.2. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ දෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව යළි මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව තිරිසන් යෝනියෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.3. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ තෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව යළි මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.4. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.5. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ පස්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.6. මිනිස් ලොවින් චුත වීම ගැන වදාළ සයවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මිනිස් ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මිනිස් ලොවින් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.7. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.8. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ දෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.9. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ තෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.10. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.11. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ පස්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව තිරිසන් ලොවෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.12. දෙව්ලොවින් චුත වීම ගැන වදාළ සයවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ දෙව්ලොවින් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් දෙව්ලොවින් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.13. නිරයෙන් චුත වීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.14. නිරයෙන් චුත වීම ගැන වදාළ දෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.15. නිරයෙන් චුත වීම ගැන වදාළ තෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.16. නිරයෙන් චුත වීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.17.නිරයෙන් චුත වීම ගැන වදාළ පස්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.18.නිරයෙන් චුත වීම ගැන වදාළ සයවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ නිරයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් නිරයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.19.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.20.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ දෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.21.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ තෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.22.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.23.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ පස්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.24.තිරිසන් ලෝකයෙන් චුත වීම ගැන වදාළ සයවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ තිරිසන් ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් තිරිසන් ලෝකයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.25.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.26.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ දෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.27.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ තෙවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව මිනිසුන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.28.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව නිරයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.29.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ පස්වෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව තිරිසන් ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

12.11.30.ප්‍රේත ලෝකයෙන් චුත වීම ගැන වදාළ සයවෙනි දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ ප්‍රේත ලෝකයෙන් චුත ව දෙවියන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් ප්‍රේත ලෝකයෙන් චුත ව ප්‍රේත ලෝකයෙහි උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් නොදැක්ක නිසා ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

ඡට්ඨ පෙත්තිචුති සූත්‍රය නිමා විය.

එකොළොස් වෙනි පඤ්චගති වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

මනුස්සචුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති, පෙත්තිචුති වශයෙන් චුති නමින් දක්වන ලද සය බැගින් වූ සූත්‍රයෝ වෙති.

සච්ච සංයුත්තය අවසන් විය.

එහි වර්ග නාමාවලිය :

සමාධි වර්ගය, ධම්මචක්කප්පවත්තන වර්ගය, කෝටිගාම වර්ගය, සිංසපාවන වර්ගය, පපාත වර්ගය, අභිසමය වර්ගය, ආමකධඤ්ඤ පෙය්‍යාල සතර, පඤ්චගති පෙය්‍යාලය වර්ගය වශයෙන් සෝතාපත්ති සංයුත්තයෙහි වර්ග එකළොසකි.

මහා වර්ගය අවසන් විය.

එහි සංයුත්ත නාමාවලිය :

මග්ග සංයුත්තය, බොජ්ඣංග සංයුත්තය, සතිපට්ඨාන සංයුත්තය, ඉන්ද්‍රිය සංයුත්තය, සම්මප්පධාන සංයුත්තය, බල සංයුත්තය, ඉද්ධිපාද සංයුත්තය, අනුරුද්ධ සංයුත්තය, ඣාන සංයුත්තය, ආනාපාන සංයුත්තය, සෝතාපත්ති සංයුත්තය සහ සච්ච සංයුත්තය වශයෙන් සංයුත්ත දොළොසකි.

සංයුත්ත නිකාය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M