සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.7.4. සුරාමේරය සුත්තං

12.7.4. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම ගැන වදාළ දෙසුම

එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිත් නම්, ඔවුහු අල්ප වෙති. එසේ නමුත් යම් සත්වයෝ මත්වීමට හා ප්‍රමාදයට කරුණු වූ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොවැළකී සිටිත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සුරාමේරය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M