☰
මහණෙනි, යම් මේ අරුණෝදයක් ඇද්ද, සූර්යයා උදාවීමට මෙය පූර්ව අංගය යි. මෙය පූර්ව නිමිත්ත යි. එසෙයින් ම මහණෙනි, යම් මේ සම්මා දිට්ඨියක් ඇද්ද, භික්ෂුවක් තුළ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම අවබෝධ වීමට මෙය පූර්ව අංගය යි. මෙය පූර්ව නිමිත්ත යි.
මහණෙනි, සම්මා දිට්ඨිය ඇති භික්ෂුව මෙය කැමති විය යුත්තේ ය. එනම්; ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නේ ය. ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නේ ය. ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නේ ය. ‘මෙය දුක නිරුද්ධ වන ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් ම අවබෝධ කරන්නේ ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සුරියූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M