“මහණෙනි, හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හී ඔහු විසින් කුමක් කළ යුත්තේ ද?”
“ස්වාමීනී, හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්හී ඔහු විසින් ඒ ගිනිගත් වස්ත්‍රය ම හෝ ගිනිගත් හිස ම හෝ නිවා දැමීම පිණිස අධිමාත්‍ර වූ අවශ්‍යතාවක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය.”
“මහණෙනි, ගිනි ගත් හැඳිවත හෝ ගිනිගත් හිස හෝ පිළිබඳ ව මැදහත් ව, නොසලකා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කිරීම පිණිස අධිමාත්‍ර වූ අවශ්‍යතාවක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණක් ද ඇති කරගත යුත්තේ ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
චේල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M