මහණෙනි, යම්කිසි භික්ෂුවක් ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ‘මෙය දුක හටගැනීම යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ‘මෙය දුක නිරුද්ධ වීම යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ‘මෙය දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ඉදින්, වාදයෙන් වැඩ ඇති, වාද සොයන, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මොහුට වාදාරෝපණය කරන්නෙමි’ යි පෙරදිග දිශාවෙනුත් එන්නේ නම්, ඒකාන්තයෙන් කරුණු සහිත ව ඒ භික්ෂුව කම්පා කරවන්නේ ය, බලවත් ව කම්පා කරවන්නේ ය, වෙව්ලවන්නේ ය යන මෙකරුණ දකින්නට නොලැබෙන්නකි. ඉදින් බටහිර දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින්, වාදයෙන් වැඩ ඇති, වාද සොයන, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මොහුට වාදාරෝපණය කරන්නෙමි’ යි දකුණු දිශාවෙනුත් එන්නේ නම්, ඒකාන්තයෙන් කරුණු සහිත ව ඒ භික්ෂුව කම්පා කරවන්නේ ය, බලවත් ව කම්පා කරවන්නේ ය, වෙව්ලවන්නේ ය යන මෙකරුණ දකින්නට නොලැබෙන්නකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. දහසය රියනක් උස ගල්ටැඹක් ඇත්තේ ය. එය අට රියනක් යටට සාරවා සිට වූ කල අට රියනක් උඩට මතුවූයේ ය. ඉදින් පෙරදිග දිශාවෙනුත් බොහෝ සෙයින් වැසි සහිත සුළඟ හමා එයි නම්, එය කම්පා නොවෙන්නේ ය. බලවත් ව කම්පා නොවෙන්නේ ය. නොවෙව්ලවන්නේ ය. ඉදින් බටහිර දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් දකුණු දිශාවෙනුත් බොහෝ සෙයින් වැසි සහිත සුළඟ හමා එයි නම්, එය කම්පා නොවෙන්නේ ය. බලවත් ව කම්පා නොවෙන්නේ ය. නොවෙව්ලවන්නේ ය. එයට හේතුව කුමක් ද යත්; මහණෙනි, මුල ගැඹුරු බැවිනි. ගල් ටැඹ මැනැවින් සිටුවා ඇති බැවිනි.
එසෙයින් ම මහණෙනි, යම්කිසි භික්ෂුවක් ‘මෙය දුක යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ….(පෙ)…. ‘මෙය දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැ’ යි ඒ වූ සැටියෙන් දනියි නම්, ඉදින්, වාදයෙන් වැඩ ඇති, වාද සොයන, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මොහුට වාදාරෝපණය කරන්නෙමි’ යි පෙරදිග දිශාවෙනුත් එන්නේ නම්, ඒකාන්තයෙන් කරුණු සහිත ව ඒ භික්ෂුව කම්පා කරවන්නේ ය, බලවත් ව කම්පා කරවන්නේ ය, වෙව්ලවන්නේ ය යන මෙකරුණ දකින්නට නොලැබෙන්නකි. ඉදින් බටහිර දිශාවෙනුත් ….(පෙ)…. ඉදින් උතුරු දිශාවෙනුත් ….(පෙ)…. ඉදින්, වාදයෙන් වැඩ ඇති, වාද සොයන, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ‘මොහුට වාදාරෝපණය කරන්නෙමි’ යි දකුණු දිශාවෙනුත් එන්නේ නම්, ඒකාන්තයෙන් කරුණු සහිත ව ඒ භික්ෂුව කම්පා කරවන්නේ ය, බලවත් ව කම්පා කරවන්නේ ය, වෙව්ලවන්නේ ය යන මෙකරුණ දකින්නට නොලැබෙන්නකි. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් මැනැවින් දකින ලද හෙයිනි. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
වාද සූත්‍රය නිමා විය.
සිව්වෙනි සිංසපාවන වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සිංසපා සූත්‍රය, ඛදිර සූත්‍රය, දණ්ඩ සූත්‍රය, චේල සූත්‍රය, සත්තිසත සූත්‍රය, පාණ සූත්‍රය, සුරියූපම සූත්‍ර දෙක, ඉන්දඛීල සූත්‍රය සහ වාද සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M