මහණෙනි, ඔබ යම්කිසි පිරිසකට අනුකම්පා කරව් ද, යම් පිරිසක් ඔබට සවන්දිය යුතු යැයි සිතත් ද, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඔවුහු චතුරාර්ය සත්‍යයන්හි ඒ වූ සැටියෙන් ම අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. යොමු කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;
දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.
මහණෙනි, ඔබ යම්කිසි පිරිසකට අනුකම්පා කරව් ද, යම් පිරිසක් ඔබට සවන්දිය යුතු යැයි සිතත් ද, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඔවුහු මේ චතුරාර්ය සත්‍යයන්හි ඒ වූ සැටියෙන් ම අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහු ය. යොමු කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
මිත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M