☰
මහණෙනි, මේ සතරක් වූ ආර්ය සත්‍යයෝ ය. ඒ කවර සතරක් ද යත්;
දුක්ඛාර්ය සත්‍යය ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ය.
මහණෙනි, මේ වනාහී සතරක් වූ ආර්ය සත්‍යයෝ ය. ඒවා සත්‍යයෝ ය. ඒවා අසත්‍ය බවට පත් නොවෙයි. වෙනස් බවකට පත් නොවෙයි. එහෙයින් ආර්ය සත්‍යයෝ යැයි කියනු ලැබෙති.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
තථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M