මහණෙනි, මම දන්න කෙනා තුළ, දකින කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම කියමි. නොදන්න කෙනා තුළ නොවෙයි; නොදකින කෙනා තුළ නොවෙයි. මහණෙනි, කුමක් දන්න කෙනා තුළ ද, කුමක් දකින කෙනා තුළ ද ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වන්නේ?
මහණෙනි, මෙය දුක යැයි දන්න කෙනා තුළ, දකින කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි. මෙය දුක හටගැනීම යැයි දන්න කෙනා තුළ, දකින කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි. මෙය දුක නිරුද්ධ වීම යැයි දන්න කෙනා තුළ, දකින කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි දන්න කෙනා තුළ, දකින කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි.
මහණෙනි, මෙසේ දන්න කෙනා තුළ, මෙසේ දකිනා කෙනා තුළ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වෙයි.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ආසවක්ඛය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M