මහණෙනි, අතීතයෙහි යම්කිසි අරහත් සම්මාසම්බුදුවරු ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කළාහු ද, ඒ සියළු බුදුවරයෝ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කළහ.
මහණෙනි, අනාගතයෙහි යම්කිසි අරහත් සම්මාසම්බුදුවරු ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරන්නාහු ද, ඒ සියළු බුදුවරයෝ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරන්නාහ.
මහණෙනි, මෙකල්හි (මේ මහා භද්‍රකල්පයෙහි) යම්කිසි අරහත් සම්මාසම්බුදුවරු ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරත් ද, ඒ සියළු බුදුවරයෝ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරති.
ඒ කවර සතරක් ද යත්;
දුක්ඛාර්ය සත්‍යය ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය ය.
මහණෙනි, අතීතයෙහි යම්කිසි අරහත් සම්මාසම්බුදුවරු ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කළාහු ද, ඒ සියළු බුදුවරයෝ මේ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කළහ. ….(පෙ)…. අවබෝධ කරන්නාහ. මහණෙනි, මෙකල්හි (මේ මහා භද්‍රකල්පයෙහි) යම්කිසි අරහත් සම්මාසම්බුදුවරු ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරත් ද, ඒ සියළු බුදුවරයෝ මේ සතරක් වූ ආර්ය සත්‍යයන් ඒ වූ සැටියෙන් ම විශේෂ කොට අවබෝධ කරති.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අරහන්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M