මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි කෝටිගමෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්රත්යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය. ඒ කවර ආර්ය සත්‍යය සතරක් ද?
මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්රත්යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.
දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්රත්යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.
දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්රත්යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.
දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්රත්යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.
මහණෙනි, ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්රත්යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්රත්යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්රත්යක්ෂ කරන ලද්දේ ය. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්රත්යක්ෂ කරන ලද්දේ ය. භව තෘෂ්ණාව මුලින් ම සිඳින ලද්දේ ය. භව රැහැන් ක්ෂය කරන ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.
“සතරක් වූ ආර්ය සත්‍ය ධර්මය ඒ වූ සැටියෙන් ම නොදැකීම හේතුවෙන් ඒ ඒ සත්වෝත්පත්තීන්හි අති දීර්ඝ කාලයක් සැරිසරන්නට සිදුවූයේ ය. ඒ මේ ආර්ය සත්‍යයෝ දැන් දක්නා ලදහ. භව රැහැන් මුලින් ම සිඳින ලද්දේ ය. දුකෙහි මූලය සිඳින ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය”
සාදු! සාදු!! සාදු!!!
කෝටිගාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M