මහණෙනි, පාපී අකුසල විතර්කයන් විතර්ක නොකරව්. එනම්; කාම විතර්කය ය. ව්‍යාපාද විතර්කය ය. විහිංසා විතර්කය ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ විතර්කයෝ යහපතින් යුක්ත නොවෙති. නිවන් මගට මුල් නොවෙති. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතිත්. විරාගය පිණිස නොපවතිත්. නිරෝධය පිණිස නොපවතිත්. සංසිඳීම පිණිස නොපවතිත්. විශිෂ්ට ඥානය පිණිස නොපවතිත්. සත්‍යාවබෝධය පිණිස නොපවතිත්. නිවන පිණිස නොපවතිත්.
මහණෙනි, ඔබලා විතර්ක කරන්නහු නම් මෙය දුක යැයි විතර්ක කරව්. මෙය දුකෙහි හටගැනීම යැයි විතර්ක කරව්. මෙය දුක් නිරුද්ධ වීම යැයි විතර්ක කරව්. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි විතර්ක කරව්. එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ විතර්කයෝ යහපතින් යුක්ත වෙති. නිවන් මගට මුල් වෙති. ඒවා අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිත්. විරාගය පිණිස පවතිත්. නිරෝධය පිණිස පවතිත්. සංසිඳීම පිණිස පවතිත්. විශිෂ්ට ඥානය පිණිස පවතිත්. සත්‍යාවබෝධය පිණිස පවතිත්. නිවන පිණිස පවතිත්.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
විතක්ක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M