මහණෙනි, පාපී අකුසල සිතීම් නොසිතව්. එනම්; ‘ලෝකය සදාකාලික ය’ කියා හෝ, ‘ලෝකය සදාකාලික නැත’ කියා හෝ, ‘ලෝකය අන්තවත් ය’ කියා හෝ, ‘ලෝකය අනන්තවත් ය’ කියා හෝ, ‘එය ජීවය, එය ශරීරය ය’ කියා හෝ, ‘ජීවය අනිකකි, ශරීරය අනිකකි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු සිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු සිටියි, නොසිටියි’ කියා හෝ, ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටියි, නොම නොසිටියි’ කියා හෝ ය.
එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ චින්තාවෝ යහපතින් යුක්ත නොවෙති. නිවන් මගට මුල් නොවෙති. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතිත්. විරාගය පිණිස නොපවතිත්. නිරෝධය පිණිස නොපවතිත්. සංසිඳීම පිණිස නොපවතිත්. විශිෂ්ට ඥානය පිණිස නොපවතිත්. සත්‍යාවබෝධය පිණිස නොපවතිත්. නිවන පිණිස නොපවතිත්.
මහණෙනි, ඔබලා සිතන්නහු නම් මෙය දුක යැයි සිතව්. මෙය දුකෙහි හටගැනීම යැයි සිතව්. මෙය දුක් නිරුද්ධ වීම යැයි සිතව්. මෙය දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යැයි සිතව්. එයට හේතුව කුමක් ද? මහණෙනි, මේ චින්තාවෝ යහපතින් යුක්ත වෙති. මේවා නිවන් මගට මුල් වෙති. මේවා අවබෝධයෙන් කලකිරීම පිණිස පවතිත්. විරාගය පිණිස පවතිත්. නිරෝධය පිණිස පවතිත්. සංසිඳීම පිණිස පවතිත්. විශිෂ්ට ඥානය පිණිස පවතිත්. සත්‍යාවබෝධය පිණිස පවතිත්. නිවන පිණිස පවතිත්.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
චින්තා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M