මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කළාහුය.
මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරන්නෝය.
මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරත් ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරති.
ඒ කවර සතරක් ද යත්; දුක්ඛාර්ය සත්‍යය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි.
මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කළාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කළාහු ය. ….(පෙ)…. ප්‍රකාශ කරන්නෝ ය. මහණෙනි, මෙකල්හි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ව ඒ වූ සැටියෙන් ම සත්‍යාවබෝධය ප්‍රකාශ කරති.
එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M