☰
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ප්‍රඥා විපුලත්වය පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්‍රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව ය. මහණෙනි, මේ වනාහී වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ප්‍රඥා විපුලත්වය පිණිස පවතින සතරක් වූ ධර්මයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
වේපුල්ල සූත්‍රය නිමා විය.
සයවෙනි සප්පඤ්ඤ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සගාථක සූත්‍රය, වස්සංවුත්ථ සූත්‍රය, ධම්මදින්න සූත්‍රය, ගිලාන සූත්‍රය, ඵල සූත්‍ර සතර, පටිලාභ සූත්‍රය, වුඩ්ඪි සූත්‍රය සහ වේපුල්ල සූත්‍රය වශයෙන් සූත්‍ර එකොලොසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M