මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ප්රගුණ කරගත් විට මහා ප්රඥා ඇති බව පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්රතිපදාව ය. මහණෙනි, මේ වනාහී වැඩූ විට, බහුල ව ප්රගුණ කරගත් විට මහා ප්රඥා ඇති බව පිණිස පවතින සතරක් වූ ධර්මයෝ ය.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. පුළුල් ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. විපුල ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. ගැඹුරු ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. ළංවිය නොහැකි ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. බොහෝ ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. ප්රඥා බහුල බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. වහා වැටහෙන ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. යුහුසුළු වූ ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. සතුට උපදවන ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. වේගවත් ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ ….(පෙ)…. තියුණු ප්රඥා ඇති බව පිණිස පවතියි.
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ප්රගුණ කරගත් විට දුක විනිවිද වැටහෙන ප්රඥා ඇති බව පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්රතිපදාව ය. මහණෙනි, මේ වනාහී වැඩූ විට, බහුල ව ප්රගුණ කරගත් විට දුක විනිවිද වැටහෙන ප්රඥා ඇති බව පිණිස පවතින සතරක් වූ ධර්මයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
නිබ්බේධිකපඤ්ඤ සූත්රය නිමා විය.
සත්වෙනි මහාපඤ්ඤ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
මහාපඤ්ඤ සූත්රය, පුථුපඤ්ඤ සූත්රය, විපුලපඤ්ඤ සූත්රය, ගම්භීරපඤ්ඤ සූත්රය, අසාමන්තපඤ්ඤ සූත්රය, භූරිපඤ්ඤ සූත්රය, පඤ්ඤාබාහුල්ල සූත්රය, සීඝපඤ්ඤ සූත්රය, ලහුපඤ්ඤ සූත්රය, හාසුපඤ්ඤ සූත්රය, ජවනපඤ්ඤ සූත්රය, තික්ඛපඤ්ඤ සූත්රය සහ නිබ්බේධිකපඤ්ඤ සූත්රය වශයෙන් සූත්ර දහතුනකි.
සෝතාපත්ති සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
වේළුද්වාර වර්ගය, රාජකාරාම වර්ගය, සරකානි වර්ගය, පුඤ්ඤාභිසන්ද වර්ගය, සගාථ පුඤ්ඤාභිසන්ද වර්ගය, සප්පඤ්ඤ වර්ගය සහ මහාපඤ්ඤ වර්ගය වශයෙන් සෝතාපත්ති සංයුත්තයෙහි වර්ග සතකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M