☰
මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ප්‍රඥා අභිවෘද්ධිය පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්‍රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව ය. මහණෙනි, මේ වනාහී වැඩූ විට, බහුල ව ප්‍රගුණ කරගත් විට ප්‍රඥා අභිවෘද්ධිය පිණිස පවතින සතරක් වූ ධර්මයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
වුඩ්ඪි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M