මහණෙනි, සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි. ඒ කවර සතර ධර්මයකින් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි.
මහණෙයෙනි, මේ සතර ධර්මයෙන් යුක්ත වූ ආර්ය ශ්රාවකයා සිව් අපායෙන් අත්මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින සෝතාපන්න වූවෙකි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.
යමෙකු තුළ තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් මැනැවින් පිහිටා ඇද්ද, සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වන කල්‍යාණ වූ ආර්යකාන්ත සීලයක් යමෙකුට ඇද්ද,
යමෙකු තුළ ආර්ය සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ඇද්ද, ඍජු වූ දහම් දැක්මක් ඇද්ද, ඔහු නොදිළින්දෙකි යි කියති. ඔහුගේ ජීවිතය හිස් නැත.
එහෙයින් සොඳුරු ප්‍රඥා ඇති කෙනා බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කරමින් ශ්‍රද්ධාව ත්, සීලය ත්, සංඝයා කෙරෙහි පැහැදීම ත්, දහම් දැකීම ත් යන කරුණුවල නිතර යෙදෙන්නේ ය.”
සාදු! සාදු!! සාදු!!!
සගාථක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M