සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.5.10. අංග සුත්තං

11.5.10. සෝතාපත්ති අංග ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ සෝතාපත්ති අංග සතරකි. ඒ කවර සතරක් ද යත්; සත්පුරුෂයන් ඇසුරු කිරීම ය. සද්ධර්ම ශ්‍රවණය ය. යෝනිසෝ මනසිකාරය ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව ය. මහණෙනි, මේ වනාහී සතරක් වූ සෝතාපත්ති අංගයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

අංග සූත්‍රය නිමා විය.

පස්වෙනි සගාථපුඤ්ඤාභිසන්ද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අසංඛෙය්‍ය සූත්‍ර තුන, අඩ්ඪ සූත්‍ර දෙක, සුද්ධක සූත්‍රය, නන්දිය සූත්‍රය, භද්දිය සූත්‍රය, මහානාම සූත්‍රය සහ අංග සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M