☰
මහණෙනි, යම් සේ කඳු මුදුනෙහි මහත් දිය පොද ඇති වැස්ස වසින කල්හී ඒ ජලය පහතට නැමී ඇති බෑවුම් අනුව ගලා එමින් පර්වත – කඳුරැළි – ඇළදොළ පුරවයි ද, පර්වත – කඳුරැළි – ඇළදොළ පුරවා කුඩා විල් පුරවයි ද, කුඩා විල් පුරවා මහා විල් පුරවයි ද, මහා විල් පුරවා කුඩා ගංගා පුරවයි ද, කුඩා ගංගා පුරවා මහා ගංගා පුරවයි ද, මහා ගංගා පුරවා, මහා සමුද්‍රය වූ සාගරය පුරවයි ද, එසෙයින් ම මහණෙනි, ආර්යශ්‍රාවකයා තුළ බුදුරජුන් කෙරෙහි ත් යම් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇද්ද, ධර්මය කෙරෙහි ත් යම් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇද්ද, ආර්ය සංඝයා කෙරෙහි ත් යම් නොසෙල්වෙන ප්‍රසාදයක් ඇද්ද, යම් ආර්යකාන්ත සිල්පද ත් ඇද්ද, මේ ධර්මයෝ ගලන්නාහු පරතෙරට ගොස් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවතින්නාහු ය.
සාදු! සාදු!! සාදු!!!
වස්ස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M