මහණෙනි, සභාවට ගිය දෙවිවරු සතුටු සිත් ඇති ව, සතර ධර්මයකින් යුක්ත වූ කෙනා ගැන කථා කරති. ඒ කවර සතරකින් ද යත්;
මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. යම් ඒ දේවතාවෝ බුදුරජුන් කෙරෙහි අවෙච්චප්ප්රසාදයෙන් යුක්ත ව සිට මෙලොවින් චුත ව එහි උපන්නාහු ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘අපි වනාහී බුදුරජුන් කෙරෙහි යම්බඳු වූ නොසෙල්වෙන ප්රසාදයකින් යුක්ත වූවෙමු ද, එහෙයින් එයින් චුත ව මෙහි උපන්නෙමු ද, ආර්යශ්රාවකයා ත් බුදුරජුන් කෙරෙහි එබඳු වූ නොසෙල්වෙන චිත්ත ප්රසාදයකින් යුක්ත වූයේ දෙවියන්ගේ සමීපයට එන්නේ ය’ යනුවෙනි.
තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. තව ද මහණෙනි, ආර්ය ශ්‍රාවක තෙමේ ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙයි. යම් ඒ දේවතාවෝ ආර්යකාන්ත සීලයෙන් යුක්ත ව සිට මෙලොවින් චුත ව එහි උපන්නාහු ද, ඔවුන්ට මෙසේ සිතෙයි. ‘අපි වනාහී යම්බඳු වූ ආර්යකාන්ත සීලයකින් යුක්ත වූවෙමු ද, එහෙයින් එයින් චුත ව මෙහි උපන්නෙමු ද, ආර්යශ්රාවකයා ත් එබඳු වූ ආර්යකාන්ත සීලයකින් යුක්ත වූයේ දෙවියන්ගේ සමීපයට එන්නේ ය’ යනුවෙනි.
මහණෙනි, සභාවට ගිය දෙවිවරු සතුටු සිත් ඇති ව, මේ සතර ධර්මයෙන් යුක්ත වූ කෙනා ගැන කථා කරති.
සාදු! සාදු!! සාදු!!!
සභාගත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M