සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.3.9. භික්ඛු සුත්තං

11.3.9. භික්ෂූන්ට වදාළ දෙසුම

එකල්හී බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. ….(පෙ)…. එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ….(පෙ)….

මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට යම් විටෙක භය වෛර ඇතිවෙන මේ කරුණු පහ සංසිඳී ඇද්ද, මේ සෝතාපත්ති අංග සතරින් යුක්ත වෙයි ද, ඔහු තුළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද, මැනැවින් අවබෝධ කරන ලද මේ ආර්ය න්‍යාය ඇත්තේ ද, ඔහු කැමති නම්, තමා ගැන මෙසේ පැවසිය හැකිය. ‘නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණු කෙනෙක්මි. අපායට නොවැටෙන සුළු වූයේ, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.

සාදු! සාදු!! සාදු!!!

භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M