සැවැත් නුවර දී ය. …………
එසමයෙහි ආයුෂ්මත් මහා කප්පිනයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, උඩු කය ඍජු කොට, සිහිය පෙරට ගෙන, මැනැවින් පිහිටුවාගෙන, වාඩි වී හුන්හ. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ, උඩු කය ඍජු කොට, සිහිය පෙරට ගෙන, මැනැවින් පිහිටුවාගෙන, වාඩි වී හුන් මහා කප්පිනයන් වහන්සේ දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ භික්ෂුවගේ ශරීරයෙහි කම්පනයක් හෝ සෙළවීමක් හෝ ඔබලා දකිව් ද?”
“ස්වාමීනී, අපි යම් කලෙක සංඝයා මැද හෝ හිඳින එකලාව හෝ හිඳින ඒ ආයුෂ්මතුන් දකිමු නම්, ඒ අවස්ථාවේදී ත් අපි ඒ ආයුෂ්මතුන්ගේ ශරීරයෙහි කම්පනයක් හෝ සෙළවීමක් හෝ නොදකිමු.”
“මහණෙනි, යම් සමාධියක් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ශරීරයෙහි කම්පනයක් හෝ සෙළවීමක් හෝ ඇති නොවෙයි නම්, සිතෙහි කම්පනයක් හෝ සෙළවීමක් හෝ ඇති නොවෙයි නම්, මහණෙනි, ඒ භික්ෂුව ඒ සමාධිය කැමති සේ ලබන්නෙකි. පහසුවෙන් ලබන්නෙකි. බොහෝ සේ ලබන්නෙකි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැළීමක් හෝ නොවෙයි ද? සිතෙහි සැලීමක් හෝ කම්පනයක් හෝ නොවෙයි ද?
මහණෙනි, ආනාපානසති සමාධිය වැඩූ බැවින්, බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නොවෙයි. සිතෙහි කම්පනයක් හෝ සැලීමයක් හෝ නොවෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය හේතුවෙන් කයේ කම්පනයක් හෝ නොවෙයි ද? සැලීමක් හෝ නොවෙයි ද? සිතෙහි කම්පනයක් හෝ නොවෙයි ද? සැලීමක් හෝ නොවෙයි ද? මහණෙනි. මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය හේතුවෙන් කයේ කම්පනයක් හෝ නොවෙයි. සැලීමක් හෝ නොවෙයි. සිතෙහි කම්පනයක් හෝ නොවෙයි. සැලීමක් හෝ නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
කප්පින සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M