මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මහත්ඵල මහානිශංස වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, ඵල සතක්, අනුසස් සතක් කැමති විය යුත්තේ ය. ඒ කවර ඵල සතක් ද, අනුසස් සතක් ද යත්; එනම්, මෙලොවදී කල්තියා ම අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී ම කල්තියා අරහත්වයට පත් නොවූයේ නම්, එකල්හී මරණ කාලයෙහි අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී ම කල්තියා අරහත්වයට පත් නොවූයේ නම්, එමෙන් ම මරණ කාලයෙහි ද අරහත්වයට පත්නොවූයේ නම්, එකල්හී ඕරම්භාගීය සංයෝජන පස ගෙවා දැමීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි. උපහච්ච පරිනිබ්බායී වෙයි. අසංඛාර පරිනිබ්බායී වෙයි. සසංඛාර පරිනිබ්බායී වෙයි. උද්ධංසෝත අකනිට්ඨ ගාමී වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ දියුණු කරගත් විට, මෙසේ බහුල ව ප්‍රගුණ කරගත් විට, මේ ඵල සත, අනුසස් සත කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඵල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M