☰
මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, මහත්ඵල මහානිශංස වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල, මහානිශංස වෙයි. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද්දේ, ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය. එනම්, මේ ජීවිතයේ දී ම අරහත්වයට පත්වීම හෝ කෙලෙස් ඉතිරි ව ඇති කල්හී අනාගාමී වීම හෝ ය.
සාදු! සාදු!! සාදු!!!
ඵල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M