සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.4.9. බ්‍රහ්මචරිය සුත්තං

1.4.9. බඹසර ගැන වදාළ දෙසුම

මහණෙනි, ඔබට බඹසර ත්, බඹසරින් ලැබෙන ප්‍රතිඵල ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, බඹසර යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය බඹසර යැයි කියනු ලැබේ.

මහණෙනි, බඹසරින් ලැබෙන ප්‍රතිඵල මොනවා ද? සෝවාන් ඵලය ය, සකදාගාමී ඵලය ය, අනාගාමී ඵලය ය, අරහත් ඵලය යන මෙය යි. මහණෙනි, මේවා බඹසරින් ලැබෙන ප්‍රතිඵල යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

බ්‍රහ්මචරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M