☰
මහණෙනි, ඔබට බඹසර ත්, බඹසරින් ලැබෙන යහපත ත් දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, බඹසර යනු කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මර්ගය ම යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්රතාවය ය. මහණෙනි, මෙය බඹසර යැයි කියනු ලැබේ.
මහණෙනි, බඹසරින් ලැබෙන යහපත කුමක් ද? මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, යම් ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, යම් මෝහය ක්ෂය වීමක් ඇද්ද, මහණෙනි, මෙය බඹසරින් ලැබෙන යහපත යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය බ්රහ්මචරිය සූත්රය නිමා විය.
(සියල්ල සැවැත් නුවර ම නිදාන කොට ඇත)
සිව්වෙනි පටිපත්ති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පටිපත්ති සූත්රය, පටිපන්න සූත්රය, විරද්ධ සූත්රය, පාරංගම සූත්රය, සාමඤ්ඤ සූත්ර දෙක, බ්රහ්මඤ්ඤ සූත්ර දෙක සහ බ්රහ්මචරිය සූත්ර දෙක වශයෙන් මෙහි සූත්ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M